Thursday, May 28, 2020

භවාංග චිත්තය

සත්වයෙකුගේ භවයේ පහල වන පළමු සිත ඔහුගේ අතීත මරණාසන්න සිතට අරමුණු වන කර්මය අනුව පහල වෙනවා. කලින් භවය සහ මෙම භවය සම්බන්ධ කරන්නක් නිසා එයට ප්‍රතිසන්ධි සිත කියල කියනවා. ඒ ප්‍රතිසන්ධි සිතෙන් ආරම්භ වන අලුත් භවයේ චිත්ත පරම්පරාවට මුල චිත්තය එහෙම නැත්තන් ප්‍රකුර්ති චිත්තය කියල කියනවා. සත්වයාගේ චිත්ත පරම්පරාව නොසිඳී පවත්වාගෙන භවය පවත්වාගැනීමට දායක වන නිසා ඒ චිත්තයට භවාංග චිත්තය කියලත් කියනවා. චිත්තයේ විවිධ ප්‍රභේද තියෙනවා. භවාංග චිත්තය, ජවන චිත්තය, විපාක චිත්තය ආදී වශයෙන්. එහෙම වර්ග කරන්නේ ඒ ඒ අවස්ථාවට අනුව සිත් වල ක්‍රියාකාරිත්වය අනුව. ඉතින් මේ භවාංග සිත ඕපයක් වගේ. ඕපයක් කියන්නේ කන්නාඩියක් වගේ. ලග ඇති දේ වල චායව තමා තුලට ගන්නවා. අපේ පන්චේන්ද්‍රයන් වල අරමුණ ගැටුනත් එක භවාන්ගයේ ගැටුනේ නැත්තන් අපිට ඒ පිලිබඳ දැනීම ඇති වන සිත් පහල වෙන්නේ නැ. සත්වයා නිදන අවස්තාව කියන්නේ ඔහුගේ චිත්ත සන්තානයේ භවාංග සිත් විතරක් පහල වෙන අවස්තාවක්. නමුත් සිහින දකිනවා කියන්නේ භාවාන්ගයේ විවිධ අරමුණු ගැටීමෙන් විවිධ වර්ගයේ සිත් පහල වීමක්. එතකොට මේ භවාංග සිත සත්වයා ජීවත්ව ඉන්න තාක් කල් පවතිනවා. බාහිර අරමුණු මත දැනීම් ඇති උනත් නැතත් භවාංග සිත් පරම්පරාව නොසිඳී පවතිනවා. සිහි නැති වීම කියන්නෙත් භවාංග සිත් විතරක් ඇති වන අවස්ථාවක්. නිකන් මේක හරියට වහනයක්  පනගන්වල තිබ්බම එන්ජිම වැඩ කරනවා වගේ. ගියර් දාලා වාහනේ ගියත් වාහනේ නවත්තල තිබ්බත් එන්ජින් එක පනගන්වල  ඒ වගේ බාහිර අරමුණු මත දැනීම් ඇති වෙමින් චිත්ත පරම්පරාවේ විවිධ ආකාරයේ සිත් පහල උනත් නැතත් භවාංග සිත් පරම්පරාව නොසිඳී පවතිනවා. එතකොට මේ භවාංග සිත් වල අර කියපු ඔපය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ කලින් මරණාසන්න සිතට අරමුණු වුන කර්මය අනුව. චිත්ත සන්තානය දවන තවන රාග ද්වේශ මෝහ ආදී චෛතසිකයන්ගෙන් මිශ්‍ර අකුසල කර්මයක් අරමුණු වෙලා පහල වන භවාංග සිත් අදුරුයි. පැහැදිලි නෑ. ඔවුන් බුද්ධියෙන් පහලයි. නමුත් කරුනව් මෛත්‍රිය ආදී කුසල් වලින් පහල වන භාවංග සිත් පැහැපත්. ඒ සිත් වල ඔපය දීප්තිමත්. ඔවුන්ට ගැඹුරු කරුණු අවභෝධ වෙනවා. බුද්ධිමත් ය වෙන්නේ ඒ අය.

No comments:

Post a Comment