Thursday, May 28, 2020

අශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය දෙස බැලීම

වර්තමානය තුළ සිත තැන්පත් කිරීම සඳහා බුද්ධ දේශනාවේ භාවනා ක්‍රමයක් දේශනා කර ඇත. එය ආනාපාන සති භාවනාවයි. එය ජීවිතයට සම්බන්ධ නෛසර්ගික ක්‍රියාවලියකට සිතේ අවධානය යොමුකිරීමයි. එනම් අශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය දෙස බැලීමයි. එහි පියවර 16 කි. එය කොටස් හතරකට බෙදිය හැකි ය. රූප,වේදනා, මනො සංඛාර, සහ සංජානන යන සතරයි.
දීර්ඝ ආශ්වාස සහ ප්‍රශ්වාස, කෙටි ආශ්වාස සහ ප්‍රශ්වාස, සමස්ත ආශ්වාස ප්‍රශ්වාස, ආශ්වාස ප්‍රශ්වාස සන්සිඳීම යන මෙ හතර රූප කොටසට අයත් වේ. පී‍්‍රතිය අත්දැකීම, සුඛය අත්දැකීම, මනෝ සංඛාර අත්දැකීම ( පී‍්‍රතිය සහ සුඛය සිතේ නිර්මාණ බව අත්දැකීම) මනො සංඛාර සන්සිඳීම යන මේ හත වේදනා කොටසට අයත් වේ. සිත අත්දැකීම, සිත පමුදිත කිරීම, සිත කෙරෙහි ඒකාග්‍රතාවය ඇති කිරීම හා සිත නිදහස් වීමේ අත්දැකීම යන මේ හතර මනො සංඛාර කොටසට අයත් වේ. අනිත්‍යය නුවණින් දැකීම, විරාගය නුවණින් දැකීම, නිරෝධය ( නිවන) නුවණින් දැකීම හා අත්මිදීම නුවණින් දැකීම යන මේ හතර සංජානන කොටසට අයත් වේ. මේ දහසයාකාර අනුක්‍රමික පුහුණුව කෙනෙකු වර්තමානය තුළ රඳවා තබන්නට උපකාරවනවා පමණක් නොසිතේ කිලිටි බව සහමුලින් නැති කිරීමට ද උපකාර වේ. පූර්ණ විමුක්තිය ඇතිවන්නේ සංජානන ක්‍රියාවලියෙන් පසුව ය. අපගේ විවිධ දුක්ඛදෝමනස්සන් ඇති වන්නේ වැරැදි සංජානනයන් නිසා ය. ස්වභාවධර්මයේ ඇති සැබෑ ස්වභාවය දැකීමට නොහැකි වීම එයට හේතුවයි. මේ නිවැරැදි සංජානන ක්‍රියාවළියෙන් සත්‍ය දැකීමට හැකියාව උදාකරයි.

No comments:

Post a Comment