අනිත්‍ය, දුක්ඛ, අනාත්ම
නම් වූ ත්රිලක්ෂණය
අනුපිළිවෙලින් පටන්කොට දැකීම දැනීම අවබෝධ කිරීමට ප්රත්යක්ෂ
කිරීම සදහා මනා සිහිනුවන හෙවත් ප්රඥාව මැනවින්
ලගාකරගෙන තිබිය යුතුබව හොදින් සිහි තබාගත යුතු වේ එනම් මෙය
පහත සදහන් ත්රිවිද ඤාණ
වශයෙන් මනා කොට අවබෝධ
කළ යුතුයි.
01.සත්‍ය ඤාණ
02. කෘත්‍ය ඤාණ
03. කෘත
ඤාණ පරිද්දෙනි
අනිත්‍ය යනු,
පෙරලන
සහ විපරිණාමය වන බැවින් නිත්‍ය නොවූ, හැම
කල්හි නො පවත්නා.අනිත්‍ය නම් වේ
තවද සරලව ගත් කල සියළු සංස්කාරක
ධර්ම (සකස්කර)රැස්කල දේ නැති වන
දෙයක් බැවින්ද අනිත්‍ය බව දතයුතු
ය. එලෙසෙම රූප, වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ ස්ථිර ස්වභාවයකින් පවතින්නේ නැති බැවිනි. එසේම ඒවා නිරන්තරයෙන්ම වෙනස් ස්වභාවයන්ට පත්
වේ. තවද චිත්ත චෛතසික රූපයෝ ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිව නැතිව යන බැවින් අනිත්‍ය වන බව
දතයුතුය.
දුක්ඛ
යනු,
දුක්ඛ යනු පීඩාවයි.
එනම් සංස්කාරයන් පැවතී ම පිණිස වූ
ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස
යන්ගේ පැවතීමයි. මෙතුල පැවතීමේ විඳීමක් සදු නොවන්නේය එනමුත්
පීඩාවක් මෙතුල ඇත ඒ විග්රහය තුළ තමයි සමස්ත සසර තියෙන්නේ එනම් සංඛත ධර්ම ඇතිව නැති වන ස්භාවය සහ
සියළු සංස්කාර ධර්ම පිඩාවට පත්වන අර්ථ ගන්වන යමක් පෙරලන සුළුද එය දුකට පිඩාවට
පත්වේ මෙනම් වූ ලක්ෂණය දුක්ඛ
වන බව දත යුතුය.
එලෙසම පංච උපාදානස්කන්ධය නිසා ජරාමරණ ආදී පීඩාවන්ට පත්වන බැවිනි. එනම් ජරාමරණ හටගන්නේ පංච උපාදනස්කන්ධය තුලයි. ඉන් පරිබාහිරව නොවේ. නොඑසේනම් පංච උපාදානස්කන්ධයක් නැති තැනක ජරාමරණයක් නැත. ජරාමරණ නැති තැනක පංච උපාදනස්කන්ධයද නැත. ඒ අනුව ජරාමරණයෝ
පංච උපාදානස්කන්ධය තුළින්ම හටගන්නෝය. එබැවින් පංච උපාදානස්කන්ධය පැවතීම ජරාමරණයන්ගේ පැවතීමයි. එනම් පංච උපාදානස්කන්ධයේ පැවතීම යනු දුක්ඛහි පැවතීමයි. ඒ අනුව පංච
උපාදානස්කන්ධය යනුම දුක්ඛයි.
නොහොත් පීඩාවයි.
අනාත්ම
යනු,
සංස්කාරයන්ගේ හරසුන් ස්වභාවයත් පංච
උපාදානස්ඛන්ධය තුල සත්වයෙක් පුද්ගලයෙක් ලෙස නිමිත්තක් ගත නොමැති ස්වභාවයත් කිසිදු ධර්මතාවයක් වසගයේ පැවැත්විය නොමැති ස්වභාවයත් වේ.
යදනිච්චං
තං දුක්ඛං ---- යමක් අනිත්‍ය ද එය
දුක ලෙසද
යං
දුක්ඛං තදනත්තා ---- යමක් දුකයි ද එය අනාත්මයි
යනුවෙන් හදුනා ගනී
සජීවී හා
අජීවී වස්තුන්වල ඇතිවී නැතිවී යාම අනාත්ම වේ එලෙසම පංච
උපාදානස්කන්ධය හරසුන්ය. රූප හෝ වේදනා හෝ
සඤ්ඤා හෝ සංස්කාර
හෝ විඤ්ඤාණ හෝ මගින් සදාකාලික
සැනසීමක් ලැබෙන්නේ නැත. පංච උපාදානස්කන්ධය පවත්වාගනිමින් ජරාමරණ වලින් මිදීමක් ලැබිය නොහැක. හරසුන් වූ ආස්වාදයන්
සේම ආදීනව බහුල වූ ජරාමරණයන්ද හට
ගන්නේ පංච උපාදානස්කන්ධය තුළින්ම වේ. මේ අල්පාශ්වාදජනක බවත්
ආදීනව බහුල බවත් හර සුන් බවේ
ප්රධාන ලක්ෂණයයි. හරවත් වූ නිර්වාණය පිණිසම
මෙම පංච උපාදානස්කන්ධය මුලිනුපුටා දැමිය යුතුය. යම්කිසි අයුරකින් යම්කිසි හෝ හරයක් ඒ
තුළ තිබේ නම් නිර්වාණ ගමන් මාර්ගයේ පංච උපාදානස්කන්ධය මුලිනුපුටා දැමීමට සිදු නොවනු ඇත. එහි ලා හරයක් නොමැති
බැවින්ම මුලිනුපුටා දැමිය යුතු වේ.
මෙම
උතුම් ධර්ම දානයේ සියලු පින් කුසල් දහම් ඔබගේ ප්රඥාව හා
ධර්මාවබෝදය පිණිසම හේතු වේවා !
No comments:
Post a Comment