සතර
සතිපට්ඨානයන් අතුරෙන් පළමු වැන්න මෙන්ම
භාවනා කිරීමට පහසු වන්නා වූ
ද සතිපට්ඨානය කායානුපස්සනා සතිපට්ඨානය වේ එ බැවින්
පළමුවෙන් භාවනාවට බසින්නා වූ පුද්ගල තෙමේ
විසින් කායානුපස්සනා සතිපට්ඨානය ම භාවනා කළ
යුතු ය. සතිපට්ඨානය යි
කියනුයේ යෝගාවචරයන් විසින් තමන් ගේ සිත
තබා ගැනීමට බලාපොරොත්තු වන ආශ්වාස ප්රශ්වාසාදි අරමුණක
යටත් කොට මුල් අදියර
ලෙස හැකි අවම කාලයක්
වත් සිත අන් අරමුණකට
නොයන පරිදි, නැවැත්විය හැකි වන පරිදි
දියුණු වූ සිහියටය.
ආශ්වාස
ප්රශ්වාසාදි ආරම්මණයෙන්
බැහැරට ගියා වූ සිත
උත්සාහයෙන් නැවත නැවත ඒ
ආශ්වාස ප්රශ්වාසාදි
ආරම්මණයට ගනිමින් සිත පුරුදු කරන
කල්හි ක්රමයෙන්
සිහිය වැඩෙන්නේය. සිහිය වැඩුණු පමණට යෝගාවචරයා හට
වඩ වඩා දික් කාලයක්
ආශ්වාස ප්රශ්වාසාදියෙහි
සිත නවත්වා ගත හැකි වන්නේ
ය. දියුණු වූ සිහිය යෝගාවචරයාගේ
සිතට ආශ්වාස ප්රශ්වාසාදි
ආරම්මණය නැවත නැවත මතු
කර දෙන්නේ ය. සිතට ඉන්
බැහැරට යන්නට නො දෙන්නේ ය.
යෝගාවචරයාට සිත වැඩි වේලාවක්
වුවමනා අරමුණෙහි තැබිය හැකි වන්නේ දියුණු
වූ ඒ සිහියට ය.
සතිපට්ඨාන භාවනාවය යි කියනුයේ ඒ
තත්ත්වයට පැමිණෙන සැටියට සිහිය දියුණු කිරීමට වේ.
කායානුපස්සනා
සතිපට්ඨානය යි කියනුයේ ආශ්වාස
ප්රශ්වාසාදි කායයන්
මගින් දියුණු කර ගන්නා ලද
සිහියට ය. සතර සතිපට්ඨානයෙන්
එක් සතිපට්ඨානයක් භාවනා කිරීම ම නිවන් දැකීමට
ප්රමාණ වේ.
එක් සතිපට්ඨානයක් ඇති කර ගත්
කල්හි ඉතිරි සතිපට්ඨාන තුන ද ඇති
කර ගත්තා වැනි වේ.
මහා
සතිපට්ඨාන සූත්රයෙහි කායානුපස්සනා
සතිපට්ඨාන භාවනාව ක්රම තුදුසක්
වදාරා තිබේ. එනම්
* ආශ්වාස
ප්රශ්වාස මෙනෙහි
කිරීම
* ගමනාදි
ඊර්ය්යාපථයන් මෙනෙහි
කිරීම
* චතුසම්පජඤ්ඤ
වශයෙන් භාවනාව
* ප්රතික්කූල මනස්කාරය
* ධාතුමනස්කාරය
* සීවථිකයන්
පිළිබඳ වූ මනස්කාර නවය
ඒ තුදුස අතුරෙන් ද බොහෝ භාවනා
යෝගීන් පුරුදු කරනුයේ ආශ්වාස ප්රශ්වාස
මනස්කාරය, ප්රතිකූල
මනස්කාරය, ධාතුමනස්කාරය යන තුන ය.
No comments:
Post a Comment