ශක්ති මුල ධර්ම යනු ...
ශක්ති ධර්මයෝ නම් එහි හටගැනීම මෙලෙස දැන දැක ගතයුතුය, යමක් නැත යයි සම්මතයක් පිහිටියා වූ තැනක් වේද එහි රදා පැවැත්මට හා නැත යන ධර්මතායව පැවතීම උදෙසා ඇත යන ධර්මයක් හේතුපල දහමින් ජනිත වීම හෙවත් ඉපදීම සිදුවේ ඒ තුල අනුලෝම ප්‍රතිලෝම ලෙස හටගන්නා වූ ප්‍රසාරණයට ලක්වීම හා හැකිලීමට ලක්වීම මගින් ශක්ති මුල බිජ ඇතිවේ එවන් වූ මුලික ධර්මතා උත්පාදනය මුලය හෙවත් ලෝක ධාතුව පටන්කොට දැකීමේදී බෙදා වෙන් කිරීමට නොහැකි අවසාන අංශු මාත්‍රික මුල ධාරාව හෙවත් තවදුරටත් බෙදිය නොහැකි තරමේ ශුද්‍ර මුල ශක්ති ඇතිවීමේ ආරම්බය වේ මෙහි ඇතිවී නැතිවී යාම මගින් අකණ්ඩ මුල ශක්ති ගලන ක්‍රියාවලියක ආරම්බය සිදුවේ එහි ප්‍රතිපලයක් ලෙස මුලක්, මැදක්, අගක් නොමැති සංසාර බව ගමනක ආරම්බය බව දත යුතු වේ,
ශක්ති ධර්ම මුලයන්ගේ අන්ත දෙක....
මෙම ශක්ති ධර්මයේ දෙඅන්තයකි හැකිලීම හා ප්‍රසාරණයයි මෙහි ලගවන්නා වූ සැම ශක්ති වෙනසකටම අදාල වූ ක්‍රියාකාරී ගුණයක් හට ගනිමින් ඇතිවෙමින් පවතිමින් නිරුද්ධ වෙමින් ඉදිරියට වේගයෙන් ගමන්කරමින් අනුරූපී වූ ශක්ති තල බිහිකරයි එතෙක් වේගයෙන් සිදුවූ ශක්තිගලන ක්‍රියාවලිය නාම ශක්ති ධර්මයන්ගේ එකතු වීම සිදු වේ එලෙස එකතු වූ නාම ධර්ම ශක්තීන්ට අනුරූපී ලෙස ප්‍රත්‍ය වෙමින් රුප ශක්ති ධර්ම හටගෙනි මෙලෙස ඇතිවන්න වූ නාම ධර්මයට ප්‍රත්‍ය වන රුප ධර්ම ශක්තිය හෙවත් සතරමහා භූතයන්ගෙන් සැදුම්ලත් රුපයේ හට ගැනීම ලෙස දතයුතුය.
නිවන...
මෙමෙ ධර්මතා ඉතාමත් සැකවින් ගත්කල නාම ශක්ති ධර්මයන්ට ප්‍රත්‍ය වන රුප ශක්ති ධර්මයෝ හා රුප ශක්ති ධර්මයන්ට ප්‍රත්‍ය වන නාම ශක්ති ධර්මයෝගේ නිරන්තර ප්‍රසාරණයට ලක්වීම මෙන්ම හැකිලීමට භාජනය වීම හෙවත් නිරන්තර විපරිත වන ඉහලපහල යන තර්පනය හා විතර්පනය වන නාම හා රුප ධර්මයන්ගේ සහ සංයෝජනයකි මෙය කිසිම කලෙක නිමාවක් නොවේ නිවීමක් සිදු නොවේ එසේනම් මෙම දෙඅන්තය තුල සත්‍ය නිවීම හෙවත් ශුන්‍ය වූ ස්ථානයක් නොපිහිටන්නේය එසේනම් එය මේ දෙඅන්තයෙන් පිටත ඇත්තේය එසේනම් සියල්ලෝම යායුතු මාධ්‍ය මාවත හෙවත් දෙඅන්තයටම මැදින් ඇති ගමන්මග පිළිපැදිය යුතුය
No comments:
Post a Comment