Thursday, May 28, 2020

සකස්කඩ




විඤ්ඤාණ ශක්තිය


සියලුම ප්රණී ජීවින් සතු වූ ශක්තිය හෙවත් ,කර්ම ශක්තිය, පුර්ව කුසලානු කුසල හා අකුසලයන්ගේ අනුක්රමණ පිළිවෙල විඤ්ඤාණ ශක්තිය නම් වේ, එම නිසා කිසියම් සත්වයකුගේ හෝ පුද්ගලයකුගේ කර්ම ශක්තිය හෙවත් විඤ්ඤාණ ශක්තිය අපුර්ව වූ චිත්ත පරම්පරාවකට හිමිකම් කියනු ලබයි එබැවින් අප නොදැනුවත්වම මෙතුල අප්රමාණ වූ කාලයක් ගමන් කරමින් සියුම් සිතිවිලි පරම්පරාවන් තුල අතරමන් වෙමින් ගමන් කරන්නේ මෙලෙසය යයි වටහා ගැනීම කොතෙකුත් අපහසුවෙයිද, වූ කලි මෙලෙස සතු දැනුම් මාත්රයක් ඇත, නම් ... ක්ෂණ මොහොතක් තුල ඇතිවන්නා වූ සියුම් වූ ආරම්මණයන් විශාල ප්රමාණයක් ඇතිවෙමින් නැතිවෙමින් නිරුද්ධ වෙමින් සහමුලින්ම නිරුද්ධ වන්නා වූ දේ මොහොත තුලම විපාක දෙමින් ඉතිරි නැතිවම නිරුද්දත්වයට පත්වෙමින් ඉතා වේගයෙන් ගමන්කරන්නා වූ මොහොතේ බලවත් වූ ආරම්මණයන් හා සිතිවිලි අවසන් කර්මයන් බවට පත්වෙමින් උපාදානය වන බව දතයුතුය.

"වර්ථමානය තුල සිතිවිල්ලකින් මෙනෙහි කිරීමක් කරනා තුරු  අතීතයක් හෝ  අනාගතයක් හට නොගනී ......."

උත්තරීතර රහතන් වහන්සේ සතු බලය


අප තිලෝගුරු අමා මෑණි බුදුපියාණන් හට නමස්කාර වේවා !
බෞද්ධයන් වශයෙන් අප මනා කොට කුසල් දහම් වඩමින් මේ ලැබුවා වූ ක්ෂණ සම්පත්තියෙන් සසර ගමන නිමකර ගැනීම උදෙසාම නුවනින් කටයුතු කල යුතුවේද යන්න නිරන්තර සිහියෙන් සිටිය යුතු වේද එමෙන්ම නිරන්තර කුසල් දහම් වඩමින්,  සාධු කියා මහහඬින් ශබ්ද කරමින් ප්රාර්ථනා කරන්නේ රහත් බවට පත් වීමේ වාසනාව අපට උදාවේවා කියන උත්තරීතර පැතුම්යි. එලෙසෙම අප නිරන්තරයෙන් කාමභෝගී සත්වයන් ලෙස විවිධ ගැටලුවලින් නිරතුරුව පෙළෙමින් ගැටලුවලට මැදි වී සැනසීමක් නැතුව ජීවත් වන සාංසාරික සත්ත්වයන් බවට පත් වී විදිනා වූ දුක්කස්කන්දයේ කෙලවරක්නම් නොපෙනෙන්නා වූ බව දත් අවබෝදයෙන්මය.

උත්තරීතර රහතන් වහන්සේ සතු බලය...

 සංසා රික ගමනේ කෙළවරක් දැක ගැනීමට කුසල් දහම් වඩමින් උත්තරීතර මහා රහත් පලයට පත් වන්නා වූ මහා පුරුෂයන් සතුව ඇති ගුනස්කන්දයනම් සිතීමට පවා නොහැකි තරම් වේ මෙවන් ගුණයන් දෙවැනි වන්නේ අප සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේට පමණි එමෙන්ම අප සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේ විසින් රහත් බවේ ශක්තිය කුමක්ද යන්න පැහැදිලි කර දීම සඳහාඛීණාසවබලනමින් සූත්රයක් දේශනා කර තිබෙනවා එමගින්  අංශ්රව හෙවත් සත්වයා සසර බැඳ තබන සිත කිලිටි බවට පත් කරන කෙලෙස් සිඳ බිඳ සහමුලින් නැති කිරීම යන අර්ථය මේබීණාසවයන වචනයෙන් තේරුම් කෙරෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සූත්රය දේශනා කර තිබෙන්නේ ධර්මසේනාධිපති සැරියුත් මහරහතන් වහන්සේ වැනි ඛීණාශ්රවයන් වහන්සේලා සමඟ සැවැත් නුවර ජේතවනාරාමයේ දී කෙරෙන ධර්ම සාකච්ඡාවකදීය.
ඛීණාශ්රවයන් වහන්සේ නමක් සතු ශක්ති හෙවත් බල පිළිබඳ අප හට ශ්රද්ධව ඇතිකරගනිමින් කුසල් සිත් දියුණුකර ගැනීම උදෙසාම ප්රයෝජනවත් වීම පිණිසමය මෙහිදී රහත් බවට පත් මහා පුරුෂයන් සතුව ඇති බලගතු උත්තරීතර වූ මානසික තත්ත්ව පිළිබද අවබෝධ කරගැනීම පිණිසම වේ.

පළමුවන බලය,

රහතන් වහන්සේලා සතු පළමුවන බලය නම් ලෝකයේ පවතින සියලු සංස්කාර ධර්මයන්ගේ වූ අනිත්යය ඉතිරි නැතිවම අවබෝධයට පත්වීමයි එනම්සබ්බේ සංඛාරා අනිච්චායනුවෙනි නිසා සංස්ඛාර පිළිබඳ උන්වහන්සේගේ ඇලීමක් ඇති වන්නේ නැහැ කෙසේවත් මේ තාවකාලික සංස්ඛාරයන්හි ඇලෙන්නේ නැහැ. එනම්  ඛීණාශ්රවයන් වහන්සේ සතු ශක්තිය පළමු වැනි බලයයි.

දෙවන බලය,

දෙවන බලය නම් සිත කිළිටි කරන කෙලෙස් හෙවත් කාම ගින්න දිලිසෙන අඟුරුවළක ආකාරයද සත්වයාගේ සිත මෙම කාමාදි ආශ්රවයන් නිසා දැවෙන, රත්වෙන ආකාරය මනානුවණින් ප්රත්යක්ෂ කර ගන්නවා මනා නවුණින් දැන ගන්නවා එවන් බලයක් තමන් සතු බව අත්විඳිනවා.

තෙවන බලය,

තෙවන ශක්තිය නම් රහතන් වහන්සේගේ සිත නිරන්තරයෙන් පලසමවත් සුවයට යොමුවන බවයි එනම් උන්වහන්සේගේ සිත නිරන්තරයෙන් වෙනත් යහපත් අරමුණක නො ගැටී සිටින හැම අවස්ථාවක උන්වහන්සේ යොමු වන්නේ තමන් වහන්සේ විසින් උදාකර ගත් මෙම නිවන් සුවය අත් විඳීමටයි. කෙලෙස්වලින් දුරු වූ නිසා සැබවින්ම මනා වූ පැවිදි බවට පත්ව එම පැවිදි සුවය අත්විඳිනා බවයි  එමෙන් කිසිදු ආකාරයකින් කෙලෙස්වලට හටගැනීමක් ඇතිවන කිසිම නිමිත්තක් උන්වහන්සේට අත්විඳින්නට ලැබෙන්නේ නැහැ. එයින් තමන් වහන්සේ මේ රහත් බවේ සුවය අත්විඳිනවා. නිවන් සුවය කෙබදුදැයි උන්වහන්සේට විස්තර විවරණ සැපයීමක් කාගෙන්වත් අපේක්ෂාවක් නැහැ. එය උන්වහන්සේ තත්ත්වාකාරයෙන්ම අත් විඳිනවා. ආශ්රවයන් තමන් කෙරෙන් දුරු වී ඇති ආකාරය උන්වහන්සේ පැහැදිලිව ප්රත්යක්ෂ කර ගන්නවා.

 සිවුවන බලය,

සිවුවන බලය හෙවත් ශක්තිය වනුයේ උන්වහන්සේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව හා ධම්මානුපස්සනාව යන මේ සතර සති පට්ඨානයන් කිසිදු අඩුපාඩුවකින් තොරව වඩා සියල්ල මැනවින් අවබෝධ කොට අවසන් කර ඇති බවයි එමෙන්ම උන්වහන්සේ යථාවබෝධ වශයෙන් එම සතර සතිපට්ඨාන මැනවින්ම වැඩීමෙන් ප්රත්යක්ෂ කර ගත් ඥානයෙන් යුක්ත වන බවයි.

පස්වන බලය,

පස්වැනි බලය හෙවත් ශක්තිය නම් රහතන් වහන්සේ ඡන්ද, චිත්ත, වීරිය හා විමංසා යන සතර සෘද්ධිපාද මැනවින් වඩා එහි සම්පූර්ණත්වයට අඩුවක් නොමැතිව පැමිණ ඇති බවයි තවද සිත සමාධි ගත කිරීමෙන් භාවනාව වැඩීමේ දී මෙම සතර සෘද්ධිපාද සියල්ල සපුරා ගත යුතුව ඇත.

සයවන බලය,

සයවැනි ශක්තිය ලෙස බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරදෙන පරිදි සද්ධා, වීරිය, සති, වීරිය, සමාධි හා පඤ්ඤා යන පහ පඤ්ච ඉන්ද්රිය වශයෙන් සැලකෙන අතර නිවන්මග පසක් කර ගනු පිණිස මේ පහ අවශ් කරන ඉන්ද්රිය පහක් ලෙසයි මෙය හඳුන්වා ඇත්තේ. එනම් එම පස් ඉඳුරන් මඟින් නිවන් අවබෝධ කර ගැනීමේ ශක්තිය උදා කරගන්නා බවයි. මේ අනුව මෙම ඉන්ද්රිය පහ පිළිබඳ අවශ්යතා සියල්ලම අඩුවක් නොමැතිව සපුරා ගෙන ඇති බව රහතන් වහන්සේට සෘජුව ප්රකාශ කිරීමේ ශක්තිය ඇති බවයි
සත්වන බලය,
සත්වැනි බලය නම් චතුරාර්යසත්යාවබෝධය පිණිස අවශ් කරන බෝධ්යාංග සත   සපුරාගෙන ඇති බවයි ඒනම් සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි හා උපේක්ඛා යන මේවා යි. නිවන් අවබෝධ පිණිස මේ හත සම්පූර්ණ කර තිබිය යුතුය  එම උත්තරීතර රහත් බවට පත් වූ ආර්ය උත්තමයා තමන් සතුව එම ශක්ති හෙවත් බල පහ සම්පූර්ණයි කියා සෑහීමට පත්වෙනවා.

අටවන බලය,

අටවැනි බලය නම් රහත් බවට පත් උත්තමයා තමන් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය මැනවින්ම පසක් කර ගෙන ඇති බවයි. එනම්  සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති හා සම්මා සමාධි යන මේ අංග අටෙන් සමන්විත ආර්ය මාර්ගය ප්රතිවේධ කර ගෙන එහි කිසිදු අඩුවක් නො කොට සපුරා ගත් බවය.
මේ ආකාර උතුම් ශ්රේෂ්ඨ රහතන් වහන්සේලා සතු අෂ්ට ශක්තිබල සම්පුර්ණ කර ප්රත්යක්ෂ කරගැනීමට මේ උතුම් ශ්රේෂ්ඨ  විදර්ශනාමය අරමුණු කුසල් සහිත වූ ධර්ම දානය හේතුවාසනා වේවා ! තෙරුවන් සරණයි!

කායානුපස්සනා සතිපට්ඨානය


සතර සතිපට්ඨානයන් අතුරෙන් පළමු වැන්න මෙන්ම භාවනා කිරීමට පහසු වන්නා වූ සතිපට්ඨානය කායානුපස්සනා සතිපට්ඨානය වේ බැවින් පළමුවෙන් භාවනාවට බසින්නා වූ පුද්ගල තෙමේ විසින් කායානුපස්සනා සතිපට්ඨානය භාවනා කළ යුතු . සතිපට්ඨානය යි කියනුයේ යෝගාවචරයන් විසින් තමන් ගේ සිත තබා ගැනීමට බලාපොරොත්තු වන ආශ්වාස ප්ශ්වාසාදි අරමුණක යටත් කොට මුල් අදියර ලෙස හැකි අවම කාලයක් වත් සිත අන් අරමුණකට නොයන පරිදි, නැවැත්විය හැකි වන පරිදි දියුණු වූ සිහියටය.
ආශ්වාස ප්ශ්වාසාදි ආරම්මණයෙන් බැහැරට ගියා වූ සිත උත්සාහයෙන් නැවත නැවත ආශ්වාස ප්ශ්වාසාදි ආරම්මණයට ගනිමින් සිත පුරුදු කරන කල්හි ක්මයෙන් සිහිය වැඩෙන්නේය. සිහිය වැඩුණු පමණට යෝගාවචරයා හට වඩ වඩා දික් කාලයක් ආශ්වාස ප්ශ්වාසාදියෙහි සිත නවත්වා ගත හැකි වන්නේ . දියුණු වූ සිහිය යෝගාවචරයාගේ සිතට ආශ්වාස ප්ශ්වාසාදි ආරම්මණය නැවත නැවත මතු කර දෙන්නේ . සිතට ඉන් බැහැරට යන්නට නො දෙන්නේ . යෝගාවචරයාට සිත වැඩි වේලාවක් වුවමනා අරමුණෙහි තැබිය හැකි වන්නේ දියුණු වූ සිහියට . සතිපට්ඨාන භාවනාවය යි කියනුයේ තත්ත්වයට පැමිණෙන සැටියට සිහිය දියුණු කිරීමට වේ.
කායානුපස්සනා සතිපට්ඨානය යි කියනුයේ ආශ්වාස ප්ශ්වාසාදි කායයන් මගින් දියුණු කර ගන්නා ලද සිහියට . සතර සතිපට්ඨානයෙන් එක් සතිපට්ඨානයක් භාවනා කිරීම නිවන් දැකීමට ප්මාණ වේ. එක් සතිපට්ඨානයක් ඇති කර ගත් කල්හි ඉතිරි සතිපට්ඨාන තුන ඇති කර ගත්තා වැනි වේ.
මහා සතිපට්ඨාන සූත්රයෙහි කායානුපස්සනා සතිපට්ඨාන භාවනාව  ක් තුදුසක් වදාරා තිබේ. එනම්
* ආශ්වාස ප්ශ්වාස මෙනෙහි කිරීම
* ගමනාදි ඊර්ය්යාපථයන් මෙනෙහි කිරීම
* චතුසම්පජඤ්ඤ වශයෙන් භාවනාව
* ප්තික්කූල මනස්කාරය
* ධාතුමනස්කාරය
* සීවථිකයන් පිළිබඳ වූ මනස්කාර නවය
                           තුදුස අතුරෙන් බොහෝ භාවනා යෝගීන් පුරුදු කරනුයේ ආශ්වාස ප්ශ්වාස මනස්කාරය, ප්තිකූල මනස්කාරය, ධාතුමනස්කාරය යන තුන .

මාන


සිව්වන මානය

සිව්වන මානය හෙවත් නොපෙනේන්නාවූ මාන අතරින් පළමු වැන්නයි එය ඉතා සරලව දැක්කුව හොත් අපට සැම විටකම දර්ශනය වන රුපයන්ගේ අනෙක් පසයි (රුපයේ ඇතුලත කොටසයි)

පස්වන මානය

පස්වන මානය හෙවත් නොපෙනෙන්නා වූ මාන අතරින් දෙවෙන්නයි මෙයත් සරල කොට දැක්කුවහොත් දර්ශන රුපයේ පිටුපසයි ( ඇතිවූ රුපයේ අතීත කොටසයි )

සයවන මානය,

සයවන මානය හෙවත් නොපෙනෙන්නා වූ මාන අතරින් තෙවැන්නයි මෙයත් සරල කොට දැක්කුවහොත් දර්ශන රුපයේ ඉදිරියයි  ( ඇතිවූ රුපයේ අනාගත කොටසයි )

# මෙයනම් වූ තුන්කල් දැක්ම තම තම අවබෝදය මත පදනම් වූ සමාධියේ උපරිම තත්වකි.

ශක්ති මුල ධර්ම

එලබියා වූ බොහෝමයක් අවබෝධතා මාර්ග ඥානයන් අතුරින් ඉතා විශිෂ්ට ක්ෂණ සම්පත්ති ඥානයක් වන ශක්ති මුල ධර්ම නම් වූ විශේෂිත ප්‍රත්‍යක්ෂ කිරීමේ ගුණයක් ඇති ප‍්‍රඥාගෝචර ධර්මතා ඥානයක් වන මෙහි අනුරූපී වූ ප‍්‍රඥාව මත නිර්වාන සුවය පිණිස සහ මේ ලෝක දාතුව පටන්කොට දැක, දැන ගෙන කරුණ නොකරුන මැනවින් ගෝචර කර ගැනීම හැකි මෙන්ම නිර්මල, විනිවිද දැකිය හැකි සත්‍යව බෝදයට උදෙසා වූ මාවත තුල ගමන් කිරීමට හා මාර්ග අවබෝධයට මැනවින් උපකාර වන හා  ඒ පිළිබද වූ  කරුණ, නොකරුණ පටන්කොට දැන,දැක ගතහැකි ප‍්‍රඥාවක් මෙතුලින් පහල වේ එමෙන්ම ඇතිවන්නා වූ ප්‍රත්‍යක්ෂ වීම හෙවත්  එලබියවූ සර්වඥතා ඥානය පහල වීම නම් නොරහසකි එයනම් වූ ශක්ති මුල ධර්මයෝ ලෞකික හා ලෝකෝත්තර සුව නිවීම පිණිස තම තමන් එලබියා වූ ප‍්‍රඥාව තීව්‍රර කිරීම මගින් දත හැක,
ශක්ති මුල ධර්ම යනු ...
ශක්ති ධර්මයෝ නම් එහි හටගැනීම මෙලෙස දැන දැක ගතයුතුය, යමක් නැත යයි සම්මතයක් පිහිටියා වූ  තැනක් වේද එහි රදා පැවැත්මට හා නැත යන ධර්මතායව පැවතීම උදෙසා ඇත යන ධර්මයක් හේතුපල දහමින් ජනිත වීම හෙවත් ඉපදීම සිදුවේ ඒ තුල අනුලෝම ප්‍රතිලෝම ලෙස හටගන්නා වූ ප්‍රසාරණයට ලක්වීම හා හැකිලීමට ලක්වීම මගින් ශක්ති මුල බිජ ඇතිවේ එවන් වූ මුලික ධර්මතා උත්පාදනය මුලය හෙවත් ලෝක ධාතුව පටන්කොට දැකීමේදී බෙදා වෙන් කිරීමට නොහැකි අවසාන අංශු මාත්‍රික මුල ධාරාව හෙවත් තවදුරටත් බෙදිය නොහැකි තරමේ ශුද්‍ර මුල ශක්ති ඇතිවීමේ ආරම්බය වේ මෙහි ඇතිවී නැතිවී යාම මගින් අකණ්ඩ මුල ශක්ති ගලන ක්‍රියාවලියක ආරම්බය සිදුවේ එහි ප්‍රතිපලයක් ලෙස මුලක්, මැදක්, අගක් නොමැති සංසාර බව ගමනක ආරම්බය බව දත යුතු වේ,
ශක්ති ධර්ම මුලයන්ගේ අන්ත දෙක....
මෙම ශක්ති ධර්මයේ දෙඅන්තයකි හැකිලීම හා ප්‍රසාරණයයි මෙහි ලගවන්නා වූ සැම ශක්ති වෙනසකටම අදාල වූ ක්‍රියාකාරී ගුණයක් හට ගනිමින් ඇතිවෙමින් පවතිමින් නිරුද්ධ වෙමින් ඉදිරියට වේගයෙන් ගමන්කරමින් අනුරූපී වූ ශක්ති තල බිහිකරයි එතෙක් වේගයෙන් සිදුවූ ශක්තිගලන ක්‍රියාවලිය නාම ශක්ති ධර්මයන්ගේ එකතු වීම සිදු වේ එලෙස එකතු වූ නාම ධර්ම ශක්තීන්ට අනුරූපී ලෙස ප්‍රත්‍ය වෙමින් රුප ශක්ති ධර්ම හටගෙනි මෙලෙස ඇතිවන්න වූ  නාම ධර්මයට ප්‍රත්‍ය වන රුප ධර්ම ශක්තිය හෙවත්  සතරමහා භූතයන්ගෙන් සැදුම්ලත් රුපයේ හට ගැනීම ලෙස දතයුතුය.
නිවන...
මෙමෙ ධර්මතා ඉතාමත් සැකවින් ගත්කල නාම ශක්ති ධර්මයන්ට ප්‍රත්‍ය වන රුප ශක්ති ධර්මයෝ හා රුප ශක්ති ධර්මයන්ට ප්‍රත්‍ය වන නාම ශක්ති ධර්මයෝගේ නිරන්තර ප්‍රසාරණයට ලක්වීම මෙන්ම හැකිලීමට භාජනය වීම හෙවත්  නිරන්තර විපරිත වන ඉහලපහල යන තර්පනය හා විතර්පනය වන නාම හා රුප ධර්මයන්ගේ සහ සංයෝජනයකි මෙය කිසිම කලෙක නිමාවක් නොවේ නිවීමක් සිදු නොවේ එසේනම් මෙම දෙඅන්තය තුල සත්‍ය නිවීම හෙවත් ශුන්‍ය වූ ස්ථානයක් නොපිහිටන්නේය එසේනම් එය මේ දෙඅන්තයෙන් පිටත ඇත්තේය එසේනම්  සියල්ලෝම යායුතු මාධ්‍ය මාවත හෙවත් දෙඅන්තයටම මැදින් ඇති ගමන්මග  පිළිපැදිය යුතුය 

අශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය දෙස බැලීම

වර්තමානය තුළ සිත තැන්පත් කිරීම සඳහා බුද්ධ දේශනාවේ භාවනා ක්‍රමයක් දේශනා කර ඇත. එය ආනාපාන සති භාවනාවයි. එය ජීවිතයට සම්බන්ධ නෛසර්ගික ක්‍රියාවලියකට සිතේ අවධානය යොමුකිරීමයි. එනම් අශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය දෙස බැලීමයි. එහි පියවර 16 කි. එය කොටස් හතරකට බෙදිය හැකි ය. රූප,වේදනා, මනො සංඛාර, සහ සංජානන යන සතරයි.
දීර්ඝ ආශ්වාස සහ ප්‍රශ්වාස, කෙටි ආශ්වාස සහ ප්‍රශ්වාස, සමස්ත ආශ්වාස ප්‍රශ්වාස, ආශ්වාස ප්‍රශ්වාස සන්සිඳීම යන මෙ හතර රූප කොටසට අයත් වේ. පී‍්‍රතිය අත්දැකීම, සුඛය අත්දැකීම, මනෝ සංඛාර අත්දැකීම ( පී‍්‍රතිය සහ සුඛය සිතේ නිර්මාණ බව අත්දැකීම) මනො සංඛාර සන්සිඳීම යන මේ හත වේදනා කොටසට අයත් වේ. සිත අත්දැකීම, සිත පමුදිත කිරීම, සිත කෙරෙහි ඒකාග්‍රතාවය ඇති කිරීම හා සිත නිදහස් වීමේ අත්දැකීම යන මේ හතර මනො සංඛාර කොටසට අයත් වේ. අනිත්‍යය නුවණින් දැකීම, විරාගය නුවණින් දැකීම, නිරෝධය ( නිවන) නුවණින් දැකීම හා අත්මිදීම නුවණින් දැකීම යන මේ හතර සංජානන කොටසට අයත් වේ. මේ දහසයාකාර අනුක්‍රමික පුහුණුව කෙනෙකු වර්තමානය තුළ රඳවා තබන්නට උපකාරවනවා පමණක් නොසිතේ කිලිටි බව සහමුලින් නැති කිරීමට ද උපකාර වේ. පූර්ණ විමුක්තිය ඇතිවන්නේ සංජානන ක්‍රියාවලියෙන් පසුව ය. අපගේ විවිධ දුක්ඛදෝමනස්සන් ඇති වන්නේ වැරැදි සංජානනයන් නිසා ය. ස්වභාවධර්මයේ ඇති සැබෑ ස්වභාවය දැකීමට නොහැකි වීම එයට හේතුවයි. මේ නිවැරැදි සංජානන ක්‍රියාවළියෙන් සත්‍ය දැකීමට හැකියාව උදාකරයි.