Thursday, May 28, 2020

පෙරනිමිත්ත


අප තිලෝගුරු බුදුපියාණන් විසින් සුබ සහ අසුබය ලෙස කිසි කලකත් යම් නිමිත්තක් නොගතයුතු බවත් එවන් වූ නිමිති පෙරනිමිති හෙවත් කර්මය හා පලය ලෙස අවසාන වශයෙන් හේතුපල ධර්මතාවයට යටත් වන්නේ තමන් සතු කර්මයම බවත් හොදින් අවබෝධයෙන් දැක දැන ගතයුතුය එමෙන්ම මේ සියල්ලට පරිබාහිර බුදුන් වහන්සේ පිළිබඳ වූ ඉපදීම, බුදුවීම, පිරිනිවීම යන අවස්ථාවන්හිදී විශේෂයෙන් පහළ වන මහපොළොව කම්පා වීම ආදී කොට ඇති පෙරනිමිති 32කි. එපමණක් නොව භාවනානුයෝගීව සිටින යම් යෝගාවචරයකුට සිත සමාධි වීමට ආසන්නයෙහි ලැබෙන නිමිති තුන් වර්ගයක් සම්බන්ධව බුදු දහමේ සඳහන්ය. පරිකම්ම, උග්ගහ හා පටිභාන නිමිත්ත යනුවෙනි. එසේම පහත සදහන් කරනුයේ එවක පැවතියා වූ සම්මත ක්රම තුනකින් ගනිමින්  දෙව් මිනිස් අතර ඇතිවූ මංගල කාරණාවන් යනු කිනම් කරුනක්ද යන්න පිලිබදව අප තිලෝගුරු බුදුපියාණන් වහන්සේගෙන් අසා ගනු ලැබෙන බුද්ධ දේශනාවයි.

මහා මංගල සුත්රය

නාම ග්රෝත්රයෙන් අප්රසිද්ධ වූ එක්තරා දිව් පුත්රයෙක් දෙලොව යහපත කැමති දෙවියෝ මනුෂ්යයෝ මංගල කාරණයන් සිතූහ. එම දෙව්මිනිසුනට අනුකම්පාවෙන් හිතසුව ඵලවන මංගලයන් දේශනා කළ මැනවි.යයි කලාවූ ඉල්ලීම් හේතුකොට ගෙන මහා මංගල සුත් දේශනාව පටන් ගනු ලබන්නේ මංගල කරුණු 38 කුමක්ද යන්න පැහැදිලි කිරීම පිණිසමය.
අසෙවනා බාලානං
පණ්ඩිතානං සේවනා
පූජා පූජනීයා නං
එතං මංගල මුත්තමං
යනුවෙන් පටන් ගන්නා මහා මංගල සුත් දේශනාව සුබ අසුබ කාරණා මැනවින් හදුනාගත හැකි සුත් දේශනාවකි තවද දිට්ඨි මංගල, සුත මංගල හා මෘත මංගල යැයි සඳහන් වූයේ  හිස් කරුණු බව මෙමගින් හොදින් අවබෝධ කොටගත හැකිය
සියලු කුසල් දහම් ධර්මාවබෝධය පිණිසම හා සූත ධර්ම දේශනාවන්ගේ බාහිර තේරුම හා ගැඹුරු අර්ථයන්ද රහණය කරගැනීමටම හේතුවාසනා වේවා !

No comments:

Post a Comment