රාගය,
ද්වේශය, මෝහය නම් වූ අකුසල මුලයන්ගේ
ක්රියාකාරිත්වය මත පදනම් වූ
අනුක්රමනික සසර ගමන පෘතක්ජනයා සතුවේ ඒ වූ තත්වයෙන්
නැගී සිහි එලබියවූ සිතින් මේ උතුම් වූ
ආර්ය ධර්ම වඩමින් මෙම අකුසල මුලයන් තුන පිලිබදවූ මනා අවබෝධය මත ලගාකරගන්නා වූ
හෙවත් එලබියා වූ මෙම අවස්ථාව
ත්රිහේතුක ප්රතිසංදී සිතකට
හිමිකම් කිව හැකිබව දත යුතුය ..
ඒ
වූ කල මෙසේ දතයුතුව
ඇත,
රාග,
ද්වේශ, මෝහ හිත අනුප්පාද වශයෙන් නිරෝධ වූ විට...,
ලෝභය,
ලෝභය හැටියටත් , අලෝභය, අලෝභය හැටියටත්, ලෝභක්ඛය කිරීම ලෝභක්ඛය ලෙසත්...
ද්වේශය,
ද්වේශය හැටියටත්, අද්වේශ, අද්වේශ හැටියටත්, ද්වේශක්ඛය
කිරීම, ද්වේශක්ඛය ලෙසත්....
මෝහය,
මෝහය හැටියටත්, අමෝහ , අමෝහ හැටියටත්, මෝහක්ඛය
කිරීම, මෝහක්ඛය ලෙසත්. පරමාර්ත
ධර්ම වශයෙන්ම මේවා තෙරුම් අරගෙන ඒ අනුව ක්රියා කරන්නට, පටන් කොට දැනීමට දැකීමට, අවබෝදය මෙන්ම ප්රත්යක්ෂ
කිරීමට ද හැකි වේ
ඒ
අනුව ජාති නසා පිරිනිවෙති
No comments:
Post a Comment