Wednesday, September 2, 2015

ආර්ය සත්‍යයන් අවබෝධය

අප තිලෝගුරු අමා මෑණි බුදුපියාණන් හට නමස්කාර වේවා !


ආර්ය සත්යයන් අවබෝධ වන පිළිවෙළවල් තුනක් තිබේ. එනම් සත් ඤාණ, කෘත් ඤාණ හා කෘත ඤාණ වශයෙනි. සත් ඤාණය යනු මේ එක් එක් ආර්ය සත්යයන් ඒකාන්ත සත්යයක් බවට ඇති මූලික අවබෝධය යි. කෘත් ඤාණය යනු මේ එක් එක් ආර්ය සත්යයන් පිළිබඳ කළයුතු දේ ගැන ඇති අවබෝධය යි. එනම්, දුක්ඛාර්ය සත්යය පරිපූර්ණ වශයෙන් අවබෝධ කළයුතුයි, දුකේ හටගැනීම නම් වූ තෘෂ්ණාව ප්රහාණය කළයුතුයි, දුක නිරුද්ධ වීම නම් වූ අමා මහ නිවන සාක්ෂාත් කළයුතුයි, දුක නිරුද්ධ වන මාර්ගය හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුයි කියා ඇති අවබෝධයයි. කෘත ඤාණ යනු මේ එක් එක් ආර්ය සත්යයන් පිළිබඳ කළයුතු දේ කොට අවසන් වූ බවට ඇති අවබෝධය යි. එනම්, දුක්ඛාර්ය සත්යය මා විසින් පරිපූර්ණ වශයෙන් අවබෝධ කළා, දුකේ හටගැනීම මා විසින් ප්රහාණය කළා, දුකේ නිරුද්ධ වීම මා විසින් සාක්ෂාත් කළා, දුක නිරුද්ධ වන මාර්ගය මා විසින් ප්රගුණ කළා යනුවෙන් ඇති අවබෝධය යි.