ලාභො අලාභො
අයසො යසොච
නින්දා පසංසාච
සුඛඤ්ච දුක්ඛං
එතෙ අනිච්චා
මනුජෙසු ධම්මා
අසස්සතා විපරිනාමධම්මා
එතෙ ච ඤත්වා සතිමා සුමෙධො
ආවෙක්ඛතී විපරිනාමධම්මෙ
ඉට්ඨස්ස ධම්මා නමථෙන්ති චිත්තං
අනිට්ඨතො නො පටිඝාතමෙති
මිනිසුන් කෙරෙහි පවත්නා වූ ලාභය, අලාභය, අයසය, යසස, නින්දාය, ප්රශංසාය, සැපය, දුකය යන මේ දහම් අට ස්ථිරව නො පවත්නා හෙයින් අනිස දහම් ය. හැමදා එක ලෙස, නොපැවැතී වෙනස් වන හෙයින් ආශාස්වත ධර්මයෝය. සදාකාලික නොවන දහම් ය. රිය සක සේ පෙරැළි පෙරැළි එන හෙයින් විපරිනාම ධර්මයෝ ය.
මනා සිහි බුද්ධි ඇති නැණවතෙක් විටින් විට වෙනස් වන ස්වභාවය ඇති මේ අටලෝ දහම තේරුම් ගනී නම්, ඔහුගේ සිතෙහි තමන් කැමැති වන්නාවූ දේ පැමිණීමෙන් උදම් බවෙක් - සොම්නසෙක් හෝ, අරුචි දේ පැමිණීමෙන් පසුබැස්මෙක් - දොම්නසෙක් හෝ පහළ නො වන්නේය.
No comments:
Post a Comment