Friday, June 19, 2020

චතුපාරිශුද්ධි සීලය ( සතර සංවර ශිලය )


පාතිමොක්ඛසංවර සීලය
ඉන්ද්‍රිය සංවර සීලය
ආජීවපාරිසුද්ධි සීලය
පච්චයසන්නිස්සිත සීලය
ලෙස සීල සතරක් ඇත්තේ ය. ඒ සතර සීලයට චතුපාරිසුද්ධි සීලයයි කියනු ලැබේ. මේ සතර සීලය සාමණේර උපසම්පදා දෙපක්ෂයට ම සාධාරණය වෙනස සාමණේරයන් ගේ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයෙහි සිකපද අඩුවීම පමණෙකි.

ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය

තථාගතයන් වහන්සේ විසින් පනවා ඇති විනය සිකපදයන් පිළිබඳ වූ ශීලය ප්‍රාතිමෝක්ෂ සංවරශීල නමි. සාමණේරයන් විසින් රැකිය යුතු සිකපද සමූහය සාමණේරයන් ගේ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය ය. උපසම්පන්නයන්ට පනවා ඇති සිකපද සමූහය උපසම්පන්නයන් ගේ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය ය.
තමා වසන පෙදෙස පිරිසුදුකර ගැනීම, රෝගීන්ට, මහල්ලන්ට, සිල්වතුන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට, උපස්ථාන කිරීම, එමෙන්ම දාගැබ් ප්‍රතිපිළිම ආදියට වැඳුම් පිදුම් කිරීම, මිත්‍යාදෘෂ්ටියෙන් ධර්මය පිළිබඳව වැරැදි මත දරන අය ඇසුරු නොකිරීම, හුදු විනෝදාශ්වාදය සඳහා නෘත්‍ය දර්ශන බැලීමෙන් වැළකීම, ධර්මය ඉගෙනීම හා පිළිපැදීම එමෙන්ම ඇඳුමෙහි පැළඳුමෙහි සහ හැසිරීමෙහි සංවරවීම

ඉන්ද්‍රිය සංවර ශීලය‍

චක්ඛු, සෝත, ඝාන, ජිව්හා, කාය - මන කියා රූපාදි අරමුණු ගන්නා ඉන්ද්‍රිය සතක් ඇත්තේ ය. රූප - ශබ්ද - ගන්ධ - රස - යන මේවා චක්ෂුරාදි ඉන්ද්‍රිය සයෙන් ගන්නා අරමුණු ය. සිහියෙන් යුක්ත නො වන ධර්මසංඥාවෙන් තොර ව වාසය කරන්නා වූ පුද්ගලයන්ට චක්ෂුරාදි ඉන්ද්‍රියයන්ගෙන් ගන්නා රූපාදිය සම්බන්ධයෙන් බොහෝ සෙයින් ඇති වන්නේ ඇලීම හා ගැටීමය එනම් අල්ලා ගැනීම හා විරෝධය වේ . ඇලීමය කියනුයේ ලෝභ නම් වූ අකුශල මූලය ය. විරෝධ යයි කියනුයේ ද්වේෂ නම් වූ අකුශල මූලය වන අතර යම්කිසි අරමුණක් ගැන ඇලීම හෝ විරෝධය ඇති වුව හොත් එය අනුව අකුශලචිත්ත පරම්පරාවක් ම ඇති වෙයි එමගින්  ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය ද බිඳී යන අතර එමගින්  ඉන්ද්‍රිය ප්‍රත්‍ය රුප සම්බන්ද තෘෂ්ණාව හා ද්වේෂ අකුශලයන් ඇතිවීම සිදුවේ එහෙයින් අකුශලයන් ඇති නොවන පරිදි මනා සිහියෙන් යුක්ත විය යුතුය එවන් වූ සංවර ශිලය ඉන්ද්‍රිය සංවර ශීලය නම් වේ

ආජීවපාරිශුද්ධි ශීලය

ලාබ උපකාර හා තාන්න මාන්න ආදිය ලබනු පිණිස කටයුතු නොකොට නො මනා ක්‍රියාවලීන් වැලකී පිඬුසිඟා ගැනීම් ආදියෙන් දැහැමින් ජීවත් වීම එනම් මිථ්‍යා ජීවිකාවෙන් මිදී සම්මා අජිවය තුලට පිවිසි සිටීම ආජීවපාරිශුද්ධි ශීලය ය.

ප්‍ර‍ත්‍යය සන්නිශ්‍රිත ශීලය

පිඬු සිඟා ගනිමින් දැහැමින් ලද ද පිළිගන්නා වූ ද පරිභෝග කරන්නා වූ ද  සිවු පසය ප්‍රයෝජන වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ ප්‍ර‍තිකූල වශයෙන් හෝ ප්‍ර‍ත්‍යවේක්ෂා කොට පරිභෝග කරන බව මනා වූ කොට දැකීම හෙවත් අවස්ථාවන්හි ඇතිවිය හැකි සම්මෝහයත් තණ්හාවත් මදයත් ඇතිවීම වළක්වන ප්‍ර‍ත්‍යවේක්ෂා ඥානයෙන් සිටීම ප්‍ර‍ත්‍යයසන්නිශ්‍රිත ශීලය යි

 සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤො - චිත්තං පඤ්ඤංච භාවයං’ ශිලයක පිහිටලා සමථ විදර්ශනා වඩන්න නුවණැති වන්න

No comments:

Post a Comment