ස්කන්ධ මාර
ක්ලෙශ මාර
අභිසංස්කාර මාර
මෘත්‍යමාර
දේවපුත්ත මාර
කියන කොටස් 5 තමයි පස්මරුන් විදියට හඳුන්වන්නේ.
ස්කන්ධ මාර කියලා කියන්නේ රූප වේදනා ආදී ස්කන්ධ 5එතකොට ක්ලේශමාර කියලා කියන්නේ කාමයේ බැඳෙන ක්ලේශ සිතුවිලි. අභිසංස්කාර මාර කියලා කියන්නේ කුසල් අකුසල් වලට. මෘත්ය මාර කියලා කියන්නේ මරණයට. දේවපුත්ත මාර කියලා කියන්නේ දෙවියන්ව තමන්ගේ වසඟයේ තබා ගන්නා දිව්‍ය ලෝකයේ වැඩ වසන දෙවි කෙනෙක්ට.
මාරයා යනු කවුද කියලා හොයාගෙන යද්දී මාරයා ගැන කියවෙන හැම අවස්ථාවකම වාගේ දසමාර සේනා ගැන කියවෙනවා. පධාන සූත්‍රයට අනුව එක් තැනක මාරයා යනු කෙලෙස් බව හඳුන්වා දීලා තියෙනවා.
කාමය/ භාවනාවේ සිත නොඇලීම/ සාපිපාසාව/ තෘෂ්ණාව / සිතේ කයේ අලස බව/ බියසුලු බව/ විචිකිච්චාව හෙවත් සැකය/ ගුණමකු බව/ උඩඟු බව කියන මේ කරුණු දසමාර සේනාව විදියට හඳුන්වා දීලා තියෙනවා. ඉතින් මේ සිතුවිලි මැඩ ගැනීම එහෙම නැතිනම් සිතෙන් ඉවත් කරලා දැමීම දසමාර සේනා පරාජය කිරීම විදියට හඳුන්වා දෙන්න පුළුවන්. මේ විදියට බැලුවම මාරයා කියන්නේ පුද්ගලයෙක් නොවන බවත් අපේ හැඟීම් වලට කියන අනවර්ථ නාමයක් විදිහටත් අපිට වටහා ගන්න පුළුවන් වෙනවා.
Lol
ReplyDelete